NEWSNOW | – විජය කුමාරතුංගයන්ගේ 80 වෙනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි. මේ අනුව මිය ගිය පක්ෂ නායකයින්, පක්ෂ කාර්යයධරයින් සහ ඔවුන්ගේ පවුල්වල මිය ගිය ඥාතීන්ට පිං පැමිණවීම සඳහා ඊයේ දිනයේ (09) කොළඹ ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී ඉසිපතනාරාම විහාස්ථානයේදී දානමය පින්කමක් පවත්වන ලදී. ඊට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපතිවරයා, පක්ෂයේ වත්මන් නායකයා ඇතුළු නිලධාරීන් රැසක්ද ,කලාකරුවන්ද එක්ව සිටියහ.
මෙහිදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ විජය කුමාරතුංගයන් ඇතුළු පසුගිය භීෂණ සමයේ ඝාතනයට ලක්වූ පක්ෂ විරුවන් 147 දෙනා, පක්ෂයට නායකත්වය ලබාදුන් දිවංගත නායකයින්, පක්ෂයේ සමස්ත සාමාජිකයික් හා ඔවුන්ගේ පවුල්වල මියගිය සියළුම දෙනාට පිං පැමිණවීම සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මාදම්පාගම අස්සජිතිස්ස නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගෞරවණීය මහා සංඝරත්නයට, ගරුතර මෙහෙනින් වහන්සේලාට, අන්‍යාගමික පූජකතුමන්ලා වෙත දහවල් දානය පිරිනැමීමේ පූණ්‍යකර්මයක් පවත්වන ලදී.