මෝටර් රථයක ගැටී කාන්තාවන් තිදෙනෙක් මරුට

0
103

NEWSNOW | –   ගම්පොළ, දොළුව ප්‍රදේශයේ සිදුවු අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.

මෙම කාන්තාවන් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී සිව්දෙනා මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇත.

ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික වැඩසටහනකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.

අනතුරින් කාන්තාවන් තිදෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර අනෙක් කාන්තාව ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහල වෙත ඇතුළත් කර තිබේ.