විදුලි ගාස්තු ඉහළ දැමීමේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය මෙම මස දෙවන සතියේ

0
170

NEWSNOW | –  විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ තීරණය මෙම මස දෙවන සතිය අවසානයේ ලබා දීමට නියමිතය.

විදුලි ගාස්තු සියයට 6.8 කින් ඉහළ නංවන ලෙස යෝජනා කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කළේය..

ඒ අනුව එම කොමිසම විසින් ඊට අදාළ වාචිකව මහජන අදහස් ලබාගැනීම පසුගිය මස 18 වනදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කර තිබේ.

මේ වන විට දිවයිනේ පළාත් 8ක් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගෙන ඇති අතර, පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඊට සහභාගි වූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.