විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති සහ පලස්තීන තානාපතිවරයා අතර හමුවක්

0
157

NEWSNOW| –   විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Ihab Khalil  මහතා අතර හමුවක් ඊයේ දින(2) පැවැත්විණි.

මෙහිදී පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර, Ihab Khalil මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ ප්‍රකාශිත පණිවිඩය අගය කළ අතර පලස්තීනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තීරණ සඳහා ශ්‍රී ලංකාව දැක්වූ  අඛණ්ඩ සහායට එතුමා කෘතඥතාවය පළ කළේය.

පලස්තීන ජනතාවගේ අයිතීන් රැකගැනීමට යුක්තිසම්පන්න විසඳුමක් සකස් කිරීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා විය.