‘‘බුවාලෝයි‘‘ සුළි කුණාටුවෙන් වියට්නාමයට බලපෑම්

0
134

NEWSNOW | – වියට්නාමයට බලපා ඇති ‘‘බුවාලෝයි‘‘ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ධීවරයින් පිරිසකි.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 28,500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

මීට අමතරව වියට්නාමයේ ගුවන් තොටුපළවල් හතරක් තාවකාලිකව වසා දැමීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇත.