හතලිස් එක් ලක්ෂ අසූ දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු අත්අඩංගුවට

0
65

රුපියල් හතලිස් එක් ලක්ෂ අසූ දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (25) රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු රත්මලාන ප්‍රදේශයේ පදිංච් , වැලි සපයන ව්‍යාපාරයක නිරත 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . ඔහුට එරෙහිව ගල්කිස්ස පොලීසියේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මූලස්ථානය විසින් පවරා ඇති මත්ද්‍රව්‍ය පිළිබද  නඩු 03 ක් විභාග වෙමින් පවතින පුද්ගලයෙකි.

ඔහු රාත්‍රී 06.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , ” ෂොපිං “බෑගයක බහා , මෙම ” “කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 418 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග අද(26) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර , එහිදී 10/08 දින දක්වා රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීම සදහා අවසර ලබා දී තිබේ.