පහන මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාගේ මව අභාවප්‍රාප්ත වෙයි.

0
124

NEWSNOW | – පහන මාධ්‍ය ආයතනයේ සභාපති සහ මීට්ස් ව්‍යාපෘතියේ නිර්මාතෘ, සමාජ ක්‍රියාකාරී අස්සය්යිද් සාලිම් රිෆායි මවුලානාගේ මව වන හාජියානි සෙය්යිදා සඅදුනා මවුලානා මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත විය.

ඇයගේ දේහය හෙට (26) ගල්කිස්සේ පිහිටි ඇගේ නිවසේ සිට රැගෙන ඇවිත් අවසන් කටයුතු පෙ.ව. 10.00 ට දෙහිවල ජුම්මා පල්ලියේ සුසාන භූමියේදී සිදුකෙරේ.

Newsnow ප්‍රවෘත්ති අංශය පවත්වාගෙන යන පහන මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාගේ මවගේ අභාවය පිළිබඳව පහන මාධ්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ Newsnow හි කාර්ය මණ්ඩලය සිය බලවත් ශෝකය පළ කරයි.