ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන්වහන්සේලා හත් නමක් අපවත් වෙති.

0
17

NEWSNOW | – මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් භික්ෂූන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

අපවත්වූ ස්වාමීන්වහන්සේලා අවුරුදු‍ 27 ත් 47 ත් අතර වයස්වල පසුවූ රුමේනියා,
රුසියානු, ඉන්දියානු හා ශ්‍රී ලංකා ජාතික ස්වාමීන් වහන්සේලා වේ.

හය නමක් තුවාල ලබා ති අතර උන්වහන්සේලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහ පොල්ගහවෙල රෝහලේ ප්‍රතිකාර ලබති.

පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇත.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here