මත්ද්‍රව්‍ය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාසයට දැනුම්දීමට දුරකථන අංකයක්‍

0
172

NEWSNOW| –   මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සොයා ගනිමින් තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (SDIG) දැනුම්දීමට අවස්ථාව සලසා ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (24) පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියේ දී මෙම දුරකථන අංක ඔස්සේ සෘජුව අමතා මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව ඇති බවයි.

එමෙන්ම ලබාදෙන්නා වූ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරන බවත්, එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය වැටලීම් හා මෙහෙයුම් සිදුකර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.

පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුවන්ගේ නම් සහ ජංගම දුරකථන අංක ඇතුළත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය.