ජනාධිපති අනුර අමෙරිකාවේදී පිළිගත් අයුරු

0
16

NEWSNOW | –  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) ඇමරිකානු වේලාවෙන් පෙ.ව. 8.50 ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවී තිබේ.

එහිදී ජනාධිපති දිසානායක මහතා නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු සහ ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව සිටියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here