NEWSNOW | – ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසි වාරයට සහභාගී වීම සදහා ඊයේ (22) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.
ඔහු සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මැතිතුමා සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙකු ද ඇමෙරිකාව බලා පිටත්ව ගියහ.
ඔවුන් එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් තවත් වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත යාමට නියමිතය .
මෙම සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 27 වනදා ජපානයේ සංචාරයක් සදහා පිටත්ව යාමට සැළසුම් කර තිබේ.