NEWSNOW | – මාලදිවයිනේ මාධ්‍ය නියාමන පනතට එරෙහිව සිදුවන විරෝධතාවලට සහය පළ කරමින් ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (17) කොළඹ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණි.
මාලදිවයිනේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමත්, එරට මාධ්‍යවේදින්ගේ වෘත්තීය අයිතිය හා නිදහස තහවුරු කිරීමත්, ඊට මර්දනය කැඳවන යෝජිත පනතට කළාපීය රටක පුරවැසියන් ලෙස සංකේතාත්මකව විරෝධතාව දැක්වීමත් වෙනුවෙන් කෙරෙන විරෝධතාවක් ලෙස මෙය සංවිධානය වී තිබුණි නම්.
විරෝධතාවයට එක් වූ මාධ්‍යවේදීන් ඇතුළු පිරිස කියා සිටියේ, මෙම පනත් කෙටුම්පත මාලදිවයිනේ ඇතුලු කලාපයේ මාධ්‍ය නිදහසට එල්ල වන බරපතළ තර්ජනයක් බවයි. කරන
විරෝධතාව අතරතුර, ඔවුන් මාලදිවයින් මහ කොමසාරිස් කාර්‍යාලය වෙත සංදේශයක් භාර දුන් අතර, මාධ්‍ය ඇතුලු ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන ලෙස මාලදිවයින් රජයෙන් ඉල්ලා සිටියා.
මෙම පනත, මාධ්‍යවේදීන්, විපක්ෂ නීති සම්පාදකයින් සහ ව්‍යවස්ථාදායකය පිටත මහජනතාවගේ විරෝධතා නොතකා පසුගිය16 වන දින මාලේ හි පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයකදී සම්මත කර තිබේ.
සම්මත කළ මෙම පනත නීතියක් ලෙස බලාත්මක වන්නේ, එරට ජනපතිවරයා ඊට අත්සන් කිරීමෙන් පසුව වන අතර අද විරෝධතාවය අතරතුර සංදේශය භාරදෙමින් මාධ්‍යවේදීන්, එරට ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ඊට අත්සන් නොතබන ලෙසයි.