
NEWSNOW| – නේපාල රජයේ මාධ්‍ය මර්දනයට එරෙහි තරුණ විරෝධතාවලදී මියගිය Gen Z අරගලකරුවන් ප්‍රාණ පරිත්‍යාගයෙන් දිවිපිදූවන් ලෙසත් ඉන් අයකුට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් ඔවුන්ගේ පවුල්වලට වන්දි ලබාදෙන බවත් නව අගමැතිනි සුෂිලා කාර්කි නිවේදනය කරයි.
අගමැති ධුරයට පත්වීමෙන් පසුව ගත් පළමු පියවර මෙය බවයි විදෙස් වාර්තාවල දැක්වේ.
විරෝධතා පිටුපස ඇති ප්‍රධාන සාධකයක් වන දූෂණය අවසන් කිරීමට ද ඇය මෙහිදී ප්‍රතිඥා දී තිබේ.
‘අපිට වැඩ කරන්නට වෙන්නේ Gen Z පරම්පරාවේ චින්තනයට අනුවයි. මෙම කණ්ඩායම ඉල්ලා සිටින්නේ දූෂණය, යහපාලනය සහ ආර්ථික සමානාත්මතාවය අවසන් කිරීමයි’ යනුවෙනි. 73 හැවිරිදි හිටපු ප්‍රථම අගවිනිසුරුවරිය පසුගියදා අන්තර්වාර අගමැතිනිය ලෙස පත්වීමෙන් පසු සිය පළමු කතාවේදී පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් අන්තර්වාර අගමැතිවරිය කියා සිටියේ ඇය මාස හයකට වඩා වැඩි කාලයක් එම තනතුරේ රැඳී නොසිටින බවයි.
මේ අතර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව අරඹා 71 කට මරු කැඳවූ දූෂණ විරෝධී විරෝධතාවලින් පසුව ජනාධිපතිවරයා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත පිහිටුවන ලෙස නේපාලයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉල්ලා තිබේ.