NEWSNOW| – නේපාලයේ අන්තර්කාලීන රජයේ අගමැති ලෙස පත් වූ සුෂිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.
ඒ සිය X ගිණුමේ සුබ පැතුම් සටහනක් තබමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි සඳහන් කර ඇත්තේ ඇගේ නායකත්වයෙන් නේපාලයේ ස්ථීර සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.