පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව ශ්‍රී ලංකාවද පිළිගනී

0
3

NEWSNOW | – පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන ද්වි-රාජ්‍ය විසඳුම සඳහා සහය නැවත තහවුරු කර තිබේ.

පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්’ක් ප්‍රකාශනය අනුමත කරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඊයේ(12) සම්මත කෙරුණු අතර එම යෝජනාව ශ්‍රී ලංකාවද පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයකයෙකු, එක්සත් ජාතීන්ගේ පුළුල් ජාත්‍යන්තර සහයෝගය ලැබුණු මෙම මුලපිරීමට නායකත්වය දීම සඳහා සෞදි අරාබිය සහ ප්‍රංශය වෙත ශ්‍රී ලංකාව සිය කෘතඥතාව පළ කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට සහ අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව, පලස්තීන ජනතාවට රාජ්‍යත්වය සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය සඳහා සිය නොසැලෙන සහයෝගය ශ්‍රී ලංකාව අවධාරණය කළේය.

මෙම යෝජනාව සංවාදය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් පිළිගැනීම තුළින් මැද පෙරදිග කල් පවතින සාමයක් අත්කර ගැනීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරන බව නිලධාරීන් අවධාරණය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here