2026 වසරේ ක්‍රියාත්මක වෙන පාසල් වාර සටහන නිකුත් වෙයි.

0
5

NEWSNOW | –  2026 වර්ෂය තුළ ක්‍රියාත්මක කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන ක්‍රියාත්මක වන්නේ 2026.01.01 බ්‍රහස්පතින්දා සිට 2026.02.13 සිකුරාදා තෙක්ය.

මේ අනුව පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු කාලය 2026.02.14 සිට 2026.03.02 වනදා තෙක් බව එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඉන් අනතුරුව පළමු වාරයේ දෙවන අදියරය 2026.03.03 අඟහරුවාදා සිට 2026.04.10 සිකුරාදා තෙක් පැවැත්වෙයි.

පළමු වාරයේ දෙවන අදියරය සඳහා නිවාඩු කාලය 2026.04.11 සිට 2026.04.19 වනදා තෙක් පවතී.

දෙවන පාසල් වාරය 2026.04.20 සඳුදා සිය 2026.07.24 සිකුරාදා තෙක් පැවැත්වෙන අතර තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2026.07.27 සඳුදා සිට 2026.08.07  සිකුරාදා තෙක් පැවැත් වෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

තෙවන පාසල් වාරයේ පළමු වන අදියර සඳහා නිවාඩු කාලය 2026.08.08 සිට 2026.09.06 වන දින තෙක් පැවැත්වේ.

තෙවන පාසල් වාරයේ දෙවන වන අදියර 2026.09.07 සඳුදා සිට 2026.12.04 සිකුරාදා තෙක් පැවැත්වෙන බව  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මුස්ලිම් පාසල් සඳහා නිකුත්කළ 2026 වර්’ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here