NEWSNOW| – ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා වන යෝජනාව”එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රටවල් 142ක බහුතරය කින් සම්මත විය.
එම ඡන්ද විමසීම අද මීට ටික වේලාවකට පෙර අවසන් විය.
ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ නිව්යෝර්ක් ප්‍රකාශනය සම්මත කර ගැනීම සඳහා රටවල් බහුතරයකගේ ඡන්දය පිළිගත් අතර, රටවල් 142 ක් ඊට පක්ෂවද, රටවල් 10 ක් විරුද්ධව සහ රටවල් 12 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ අනුව ඉදිරියට නිව්යෝර්ක් සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාත්මක කරන ලෙසත් ගාසා තීරයට එරෙහි එහි ආක්‍රමණ නැවැත්වීමට වාඩිලා ගැනීමට එරෙහිව ඊශ බලපෑම් කරන ලෙසත් එය ඉල්ලා සිටියේය.