හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටි නිල නිවසින් පිටත්ව යාමට සූදානම්

0
153

NEWSNOW | –  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(11) දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිතය.

ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් විසින් ඔවුන්ට අයත් නිල නිවාස යළි රජයට භාරදීමට සිදුවීම හේතුවෙනි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවසට දේශපාලනඥයින් සහ විදෙස් නියෝජිතයින් පැමිණ සිටි බව වාර්තා වේ.

ඉන් පසුව ඔහු කොළඹ නිල නිවසින් පිටත්ව හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිතය.

ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවෙස් රජයට භාරදීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.