අත්අඩංගුවට ගත් මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති රිමාන්ඩ්

0
159

NEWSNOW | – අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (10) නියෝග කළේය.

ඒ කොන්ත්‍රාත්තු 112ක් තම අභිමතය පරිදි ප්‍රජාපාදක සමිති 12කට ප්‍රදානය කළැයි කියන සිද්ධියකට අදාළවය.

මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අද (10) දහවල් අත්අඩංගුවට ‍ගනු ලැබු තිබුණි.

සැකකාර හිටපු නගරාධිපතිවරයා අදාළ කොන්ත්‍රාත් ප්‍රදානය කර මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශ්වයට හැර වෙනත් පාර්ශ්ව වෙත මුදල් රෙගුලාසිවලට පටහැනි ලෙස මුදල් ගෙවා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.