නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස් වෙයි.

0
107

රට පුරා පවතින අඛණ්ඩ දූෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්විය.

විදෙස් මාධ්‍ය පැවසුවේ භක්තපූර්, බෝල්කොට් හි ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බවය.

මේ අතර නේපාලයේ පවතින විරෝධතා උත්සන්න වීම හේතුවෙන් එරට ට්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දමා තිබේ.

ඒ අනුව යළි දැනුම්දෙන තුරු දේශීය සහ විදේශීය ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පවතින විරෝධතා මධ්‍යයේ ගුවන්තොටුපොළේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් ද යොදවා ඇති බව වාර්තා වේ.