කෙන්ෂීන්ඛාන් විවෘත කරාතේ තරගාවලිය 2025 සාර්ථකව අවසන්

0
8

NEWSNOW | –  කකූටෝජී කරාතේ දෝ කෙන්ෂීන්ඛාන් ජාතික සහ ජාත්‍යන්තර සංගමය විසින් 3වන වරට ඉතා උත්කර්ෂවත් අයුරෙන් පවත්වනු ලැබූ “කෙන්ෂීන්ඛාන් විවෘත කරාතේ තරගාවලිය 2025 සැප්තැම්බර් මස 06 දින” ගිරිඋල්ල සති පොල ප්‍රධාන එලිමහන් භූමියේ” ඉතා සාර්ථක ලෙස ආරම්භ කර නියමිත වේලාවට අවසන් කරන ලදී.

මෙම ශූරතාවලිය සඳහා දිවයින පුරා කරාතේ සංගම් 21 දක්වා ක්‍රිඩක / ක්‍රීඩිකාවන් 700ක් ඉක්මවා වයස අවුරුදු 05 සිට 21 දක්වා “කාතා සහ කූමිතේ” යන ඉසව් වලින් ඉහලට තරග කරන ලදී.

මේ අතරින් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පොල්ගහවෙල අල් – ඉර්ෆාන් මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිඩකයන් වයස අවුරුදු 11 සිට 13 දක්වා “කාතා” ඉසව් වලට සහභාගී වී, ලෝකඩ පදක්කම් වලට හිමිකම් ලැබූහ.

පාසල් ප්‍රධාන කරාතේ උපදේශක සෙන්සේ එස්. එල්. එම්. නුස්රාන් මෙම පාසලේ කරාතේ ක්‍රිඩාව ආරම්භ කර මස 3ක කාලයක් ඇතුළත පාසලට කීර්තිය අත්කර ගැනීමට සමත් විය.

 

වමේ සිට පිලිවෙලට, කකූටෝජී කරාතේ දෝ කෙන්ෂීන්ඛාන් ජාතික සහ ජාත්‍යන්තර සංගමයේ ප්‍රධාන කරාතේ උපදේශිකා සෙන්සේ අනුර ලක්මාලි දිසානායක,ක්‍රිඩක ශිෂ්‍ය M. F. ෂාඉඩ්, R. අහමඩ්, I. M. ඉමාම්, D. M. K. අශේන්, M. S. M. සහිඩ්, පාසල් කරාතේ ප්‍රධාන උපදේශක සෙන්සේ එස්. එල්. එම්. නුස්රාන් සහ කකූටෝජී කරාතේ දෝ කෙන්ෂීන්ඛාන් ජාතික සහ ජාත්‍යන්තර සංගමයේ ප්‍රධාන අධ්‍යක්ෂක සහ උපදේශක සෙන්සේ අනුර බන්ඩාර රාජපක්ෂ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here