ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු නිකුත් වෙයි.

0
18

NEWSNOW | – 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික් සදහා කඩඉම් ලකුණු සීමාව, සිංහල මාධ්‍ය 140ක් වේ. එසේම දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 134ක් බව විභාග කියයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 136ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 135ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වේ.

බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 134ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වන අතර අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 133ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 131ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වේ.

කිළිනොච්චිය, වව්නියාව, මුලතිව්, මඩකලපුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 127ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 132ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 127ක් සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 131ක් වන අතර යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here