භූකම්පනයෙන් විපතට පත්වූවන්ට ඇෆ්ගනිස්තානයට රටවල් රැසකින් ආධාර

0
5
Civil defense workers, locals, and army soldiers prepare to evacuate injured victims of an earthquake that killed hundreds and destroyed numerous villages in eastern Afghanistan, in Mazar Dara, Kunar province, Monday, Sept. 1, 2025. (AP Photo/Hedayat Shah)

NEWSNOW | –  භූකම්පනයෙන් විපතට පත්වූවන් සඳහා ඇෆ්ගනිස්තානයට රටවල් රැසකින් ආධාර ලැබෙමින් පවතින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උණුසුම් ආහාර සහ බ්ලැන්කට් ලබා දීමටද සැලසුම් කර තිබේ.

තවද ඉන්දියාවේ විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පැවසුවේ ඉන්දියාව විසින් කාබුල් වෙත කුඩාරම් 1,000ක් ලබා දීමට පියවර ගෙන ඇති බවත් ටොන් 15ක ආහාර ඇතුළු තවත් සහනාධාර ලබා දීමටද පියවර ගන්නා බවය.

මේ අතර එක්සත් රාජධානිය පවුම් මිලියන 1ක සහන අරමුදල් ලබා දීමට පොරොන්දු වී ඇති අතර කෙසේ නමුත් එම මුදල් තලේබාන් සංවිධානය අතට පත් නොවනු ඇති බවත් වාර්තා වේ.

පසුගිය සඳුදා(01) ඇෆ්ගනිස්තානයේ ඇතිවූ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මේ වන විට මියගොස් ඇති පිරිස 800 සීමාව දක්වා ළඟා වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ ඊයේ (01) රික්ටර් මාපක 6.0 භූ කම්පන තත්ත්වයක් ඇති වූ අතර මේ හේතුවෙන් එරටට දැවැන්ත හානි සිදුවිය.

මෙම භූකම්පන තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ එරට කඳුකර කූනාර් පළාතට වන අතර එහිදී මාර්ග අවහිර වීම හේතුවෙන් ගලවා ගැනීම් මෙහෙයුම් පවා සිදු කිරීම දැඩි දුශ්කර වී තිබුණි මේ හේතුවෙන් ගලවා ගැනීම් මෙහෙයුම් සිදුකළ හැකි වූයේ ගුවන් මගින් පමණක්ම විය.

එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ භූ කම්පන තත්ත්වයෙන් පසු ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් සුන්බුන් අතර තවදුරටත් සිර වී සිටින්නන් මුදා ගැනීම සඳහා මේ වන විටත් මෙහෙයුම් දියත් වෙමින් පවතින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here