NEWSNOW – වයි.අයි.එම්.සිල්වා මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලෙස පසුගියදා රාජකාරි ආරම්භ කළේය.
ඔහු වර්ෂ 2003 සැත්තැම්බර් මස 01 වන දින ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්ව තිබේ.
2004 වර්ෂයේ දි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයට එක්වන ඒ මහතා 2007 දී ප්‍රාදේශීය ලේකම් තනතුරට පත්වන අතර අනතුරුව 2012 වර්ෂයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ මිරිගම ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස ස්ථානමාරුවීම් ලබයි.
එමෙන්ම වර්ෂ 2020 දි මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ස්ථානමාරුවීම් ලබන ඒ මහතා 2021 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර හොබවන අතර 2024 වර්ෂයේදී අධ්‍යක්ෂ ගුවන් තොටුපල රේගු ලෙස උසස්වීම් ලැබීය.
ඉන් අනතුරුව ඒ මහතා 2024 වර්ෂයේ දී රජයේ කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ ( පාලන) ලෙස රාජකාරි අරඹන අතර එම වසරේ සැත්තැම්බර් මස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලබයි. අනතුරුව එම වසරේම දෙසැම්බර් මස කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ලෙස උසස්වීම් ලබා 2025 අගෝස්තු 31 දින දක්වා එම අමාත්‍යාංශයේ රාජකාරි ඉටුකළේය.
වසර 22ක පරිපාලන සේවයේ අත්දැකීම් සපිරි වයි.අයි.එම්.සිල්වා මහතා ශ්‍රි ලංකා කැළණිය විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමණාකරණ විශේෂවේදී උපාධිධරයෙකු වන අතර නුවරඑළිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.