සුඩානයේ නායයෑමකින් 1,000 කට වැඩි පිරිසක් මිය යති.

0
141

NEWSNOW | –  සුඩානයේ බටහිර ඩාර්ෆූර් කලාපයේ “දැවැන්ත” නායයෑමකින් මුළු කඳුකර ගම්මානයක්ම බිමට සමතලා වී 1,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මාරා කඳුකරයේ ටරාසින් ගම්මානය ආශ්‍රිතව දින ගණනක් පැවති අධික වර්ෂාවෙන් පසු පසුගිය ඉරිදා මෙම ව්‍යසනය සිදු වූ බව සුඩාන විමුක්ති හමුදාව (SLM) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

තවමත් පස් හා සුන්බුන් යට වැළලී සිටින පුද්ගලයන් සොයා ගැනීමට උදව් ඉල්ලා කණ්ඩායම එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ අනෙකුත් ආධාර සංවිධානවලට ඉල්ලීම් කර තිබේ.

සුඩානය හමුදාව සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකායන් (RSF) අතර ලේ වැකි සිවිල් යුද්ධයක පැටලී සිටින අතර, එය රට ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදයකට ඇද දමා ඇත.