අද(01) සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්යයි.

0
12

NEWSNOW | – අද(01) සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ.

මේ පිළිබඳව මගි ජනතාව සහ රියදුරන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ එක් අදියරක් අද(01) කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේදී වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ සහභාගිත්වයෙනි.

මෙම අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක, චිත්‍රපට නළුවෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙක්, පිටපත් රචකයෙක් වන කලණ ජයනාත්, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිලධාරීන් එක්ව සිටියේය.

ආසන පටි ලබාදී නොමැති වාහන වලට මාස තුනක සහන කාලයක් ද ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here