රුපියල් කෝටි දෙකක නවීන ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් රැගෙන ආ අයෙක් අත්අඩංගුවට

0
173

 NEWSNOW | –  රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමකින් යුත් නවීන ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයෙකු  කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (28) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ එම භාණ්ඩ පිටතට රැගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ ගමන් මලු 06ක් තුළ තිබී නීතිවිරෝධී ජංගම දුරකථන 165ක් සහ කරදමුංගු කිලෝග්‍රෑම් 102ක් සොයාගෙන තිබේ.

සැකකාර ගුවන් මගියා 36 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.