තායිවානයට ප්‍රභල භූකම්පනයක්

0
107

NEWSNOW | –  තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ අද (27) පස්වරුවේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් ඇතිව තිබේ.

එරට අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් (සැතපුම් 12) පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112 (සැතපුම් 70)ක් ගැඹුරින් පිහිටා තිබේ.

භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා වාර්තා කර නොමැති අතර, තායිවාන ගිනිනිවන දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ නිරීක්ෂණ අඛණ්ඩව සිදුකරමින් සිටිී.

තායිවානය භූ තැටි දෙකක මායිමේ පිහිටා ඇති අතර, ඒ හේතුවෙන් නිතර භූමිකම්පාවලට ගොදුරුවන කලාපයකි.

ඉකුත් 2024 අප්‍රේල් මාසයේදී හුවාලියන් හි සිදු වූ රික්ටර් මාපක 7.4ක භූමිකම්පාවකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය අතර, ගොඩනැගිලි සිය ගණනකට හානි සිදු විය.