රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක්

0
162

NEWSNOW | – කොළඹ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පොහොරන් වැව ප්‍රදේශයේ රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

මෙහිදී එක් අයෙකු තුවාල ලබා ඇති බව අපොලිසිය කියයි.

කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් හා දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වු ලොරියක් හා කාර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය විසින් සිදුකරයි.