NEWSNOW | – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තව දින දෙකක් පමණ ප්‍රතිකාර ලැබීමට සිදුවන බව විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත වුවද යොමුවිය හැකි බවය.
ඔහුට බරපතළ ලෙස තිබූ විජලනය තත්ත්වය මේ වනවිට ලබාදෙන ප්‍රතිකාර සමග පහව යමින් තිබෙන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේය. අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මේ අතර, ජාතික රෝහලෙන් ඕනෑම රෝගියෙකුට එකම අයුරකින් සේවය සපයන බව පැවසු වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, සේවය ලබාගැනීමට රෝහලට පැමිණෙන ඕනෑම අයෙකුට එක හා සමානව සලකන බව ද අවධාරණය කළේය.