බිහිසුණු අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු මරුට

0
179

NEWSNOW| –  කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (27) උදෑසන 7.10ට පමණ පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.