මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තරකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්‍ෂාව තර කර ඇති බවත් අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු අංක පරීක්ෂා කර ගමන්මලු සහ පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන බවත් අප වාර්තාකරුවන් පවසයි.
නමුත් කිව් මාර්ගයෙහි (Kew Road) පදිංචිකරුවන්ට හා නීතිඥවරුන්ට පමණක් එම මාර්ගයට ඇතුළු වීමට ඉඩ ලබාදී තිබේ.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.
මේ අතර කොළඹ ජාතික රෝහලට සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව අද (26) උදෑසන සිට තරකර ඇති බව වාර්තා වේ.
ඒ මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බැවිනි.