ඇතැම් දිස්ත්‍රික්කවලට කඩින් කඩ වැසි

0
19

NEWSNOW | – අද(26) දිනයේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඇතැම් දිස්ත්‍රික්කවල වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බටහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ අංශය කියයි.

මේ අතර, දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.

බටහිර සිට නිරිත දෙසින් සුළං හමන අතර, සුළං වේගය පැයට කිලෝමීටර 25-35 ක් පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55 දක්වා වැඩි විය හැක.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ අංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here