කාන්තා පොලිස් නිලධාරීනියන් තිදෙනකුටත් සහකාර පොලිස් අධිකාරී තනතුරු

0
281

NEWSNOW | – සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා පුරප්පාඩු 46ක් මත උසස්වීම් ලබා දී ඇති නිලධාරින් අතර කාන්තා පොලිස් නිලධාරීනියන් තිදෙනකු තේරී පත්ව ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

ඒ අනුව මෙලෙස උසස්වීම් ලැබ අත්තේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් වන ගාල්ල කොට්ඨාසයේ දිල්රුක්ෂි අල්ගෙවත්ත, කෑගල්ල කොට්ඨාසයේ ජේ.ඒ.ඩබ්.එම්. මිහිරාණි සහ අනුරාධපුර කොට්ඨාසයේ කේ. කේ. විෂාරා ද සිල්වා යන නිලධාරිනීන් තිදෙනාය.

2023 නොවැම්බර් 18 සහ 19 යන දෙදින පැවැති ශ්‍රී ලංකා පොලීසියේ (කාන්තා/පිරිමි) සහ පෙලිස් විශේෂ කාර්ය බලකායේ (පිරිමි) සහකාර පොලිස් අධිකාරී තනතුරට බඳවා ගැනී‍මේ සීමිත තරඟ විභාගය 2020 (2023) ට අදාළ විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබීය.

ලිඛිත පරීක්ෂණය සහ ඊට අදාළව පවත්වන ලද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල පරිදි විභාග දෙපාර්තමේන්තුව ජාතික ‍පොලිස් කොමිෂන් සභාවට යොමුකර තිබෙන අවසාන ප්‍රතිඵල ලේඛණය මඟින් මෙම ප්‍රතිඵල නිකුත් කර තිබුණි.