වික්ටරී විවෘත කරාතේ තරගාවලිය – 2025

0
8

NEWSNOW | –  පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉතාමත් උද්ඝර්ෂව සංවිධානය කර ජාත්‍යන්තර තලයට සමාන තරගාවලියක් අතිවිශිෂ්ට අත්දැකීම් සමග, මෙය ශ්‍රී ලංකාවේ අපි සහභාගී වූ සාර්ථකම සහ අගය කළ යුතුම තරගාවලි අතර එකක් ලෙස හැඳින්විය හැක. විශේෂයෙන්ම සංවිධානය සහ කළමනාකරණය පිළිබඳ අසමසම දක්ෂතාවයක් පිළිබඳව යුනිවරසල් ෂෝතෝකාන් කරාතේ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛා ප්‍රධාන උපදේශක සහ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය ලේකම් ශිහාන් ඉසඩ්. ඒ. රවුෆ් මහතා ඇතුළු සියලුම නිලධාරීන් විසින් මනා අද්දැකීම් කිහිපයක් සමග ශූරතාවලිය අවසන් කර නිමකරන ලදී. මෙයට යුනිවරසල් ෂෝතෝකාන් කරාතේ ජාත්‍යන්තර සංවිධානය වෙනුවෙන් මා ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පාසල් ගුරුවරුන් සහ දෙමාපියන් සියලු මෙම අවස්ථාවේ ප්‍රශංසාව පුද කර සිටිමු.

මෙම ශූරතාවලිය සඳහා මුලු දිවයිනේම සහභාගිත්වය තිබුණි.

අතරින් කරාතේ උපදේශක සෙන්සේ එස්. එල්. එම්. නුස්රාන් මහතා පුහුණු කරන පාසල් කූරුණෑගල වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය වයස අවූරුදු 12 සිට 15 දක්වා, “කතා” සහ “කූමිතේ” යන ඉසව් වලින්
රන් පදක්කම් – 05,
රිදී පදක්කම් – 02,
ලෝකඩ පදක්කම් – 08ක් දිනාගැනීම සමත් විය.

එමෙන්ම කූරුණෑගල පොල්ගහවෙල අල් – ඉර්ෆාන් මුස්ලිම් පාසල තරග කර වයස අවුරුදු 11 සිට 13 දක්වා “කතා” ඉසව්වේන් පමණක්,
රන් පදක්කම් – 01,
රිදී පදක්කම් – 02ක්, ජය ගැනීමට සමත් විය.

පොල්ගහවෙල විශේෂ දක්ෂතාවයක් විමට හේතුවක් වුවේ. කරාතේ ක්‍රිඩාව ප්‍රථම වරට ආරම්භ කර මාස 03ක කාලයක් අවසන් විමට පෙර කතා ඉසව් වලින් පාසලට පදක්කම් 03ක් අත්කර දීමට සමත් විය. මෙය ඒ දරුවන් කැපකිරීමකින් පාසලට කිර්තිය අත්කර දීමට සමත් විය.

මෙම කරාතේ ශූරතාවලිය සඳහා 1500ක් අභිබවා ක්‍රිඩක / ක්‍රීඩිකාවන් සහභාගී වී, සෑම අවස්ථාවකම මෙන්, මෙම තරගාවලිය අපගේ ක්‍රීඩකයින් සඳහා විශ්මිත සහ අමතක නොවන අත්දැකීමක් විය. ක්‍රීඩාශීලිභාවය, ඉහළ තරගකාරීත්වය සහ සියලුම සහභාගීවූවන් අතර ඇති වූ හෘදයාංගම එකමුතුභාවය අපි ඉතා අගය කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here