දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ ග්‍රන්ථයක් හෙට එළිදකී

0
5

NEWSNOW| – බ්‍රිතාන්‍ය පර්යේෂක සහ කතුවරයකු වන හම්සා ඇන්ඩ්‍රීස් සෝර්සිස් විසින් රචිත The Devine Reality නම් ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය ‘දිව්‍යමය යථාර්ථය’ නමින් හෙට(28) එළිදැක්වේ.

පර්යේෂණ හා අධ්‍යයන සංසදය (FRS) විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය හෙට (28) සවස 4.00 ට කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

දෙවියන්ගේ පැවැත්ම පැහැදිලි කරන මෙම පොත කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි පීඨයේ නර්තන හා රංග කලාව පිළිබඳ බාහිර කථිකාචාර්ය සමන් පුෂ්ප ලියනගේ විසින් පරිවර්තනය කර ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුමේධ වීරවර්ධන සහ ධර්ම පර්යේෂක ශාන් සිරාජ් යන මහත්වරු ද මෙම උත්සවයේදී දේශන පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here