තැපැල් වර්ජනයෙන් ගුවන්තොටුපලේද ලිපි ගොනු පාර්සල් ගොඩ ගැසෙයි

0
127

NEWSNOW | –  තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් විවිධ රටවලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් කටුනායක ගුවන්තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ගොඩගැසී ඇති බව වාර්තා වේ.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් ඔවුන් පසුගිය 17 වනදා පස්වරුවේ සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

වර්ජනය හමුවේ සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකිවීමෙන් ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

තැපැල්පති රුවන් සත්කුමාර වර්ජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තැපැල් සේවාව ගැන සලකා සේවයට වාර්තා කරන ලෙසයි.