හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

0
139

NEWSNOW | –   හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා ඇප ඉල්ලුම් පත්‍රයයක්ද ගොනුකර තිබුණි.

කෙසේ වෙතත් අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප වී තිබේ.