නේපාලයේ ආසියානූ සවි එසවීමේ තරගාවලියේ ජයග්‍රාහකයින් දිවයිනට

0
7

NEWSNOW | – නේපාලයේ පැවති ආසියානූ සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ, ලෝක සවි එසවීමේ සම්මේලනයේ ශ්‍රී ලංකා සන්නාම තානාපති රුවන් පෝල් මහතා රන් පදක්කම් 05 ක් සහ රිදී පදක්කම් 01 ක්  සහ ඔහුගේ බිරිඳ ලීඩියා පෝල් මහත්මිය රන් පදක්කම් 06 ක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ආසියානූ සවි එසවීමේ සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලියට ආසියානූ කළාපයේ රටවල් 06 ක සවි එසවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 සහභාගී වී සිටි අතර , එම තරගාවලිය ඉකුත් 08/15 දින සිට 08/17 දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පවත්වා තිබුණි .

එහිදී විවෘත සවි එසවීම, එහි ජ්‍යෙෂ්ඨ අංශය, බෙන්ච් ප්‍රෙස් සහ එහි ජ්‍යෙෂ්ඨ අංශය, බෙඩ් ලිෆ්ට් සහ එහි ජ්‍යෙෂ්ඨ අංශ යටතේ තරග කරමින් මෙම පදක්කම් දිනා ගැනීමට මොවුන් සමත් වී තිබුණි .

එසේම ලෝක සවි එසවීමේ තරගාවලිය මෙම වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් , ඒ සදහා ලෝකයේ රටවල් 40 ක සවි එසවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ක් පමණ සහභාගී වීමට නියමිත බවත් එම තරගාවලිය නොවැම්බර් 25 සිට 30 දක්වා කටුනායක එයාර් පෝර්ට් ගාර්ඩන් හෝටලයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් රුවන් පෝල් මහතා අනාවරණයක් ද කළේය.

ටී. කේ. ජී .කපිල – කටුනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here