අල්ලස් ගත් තවත් ක්වාසි විනිසුරුවරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

0
61

NEWSNOW| –   අල්ලස් ඉල්ලීමේ චෝදනා මත කල්මුනේ ක්වාසි අධිකරණ විනිසුරු සහ ඔහුගේ බිරිඳ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අම්පාර දිස්ත්‍රික්කයේ මරුතමුනයි ප්‍රදේශයේ පිහිටි කල්මුනේ ක්වාසි විනිසුරුවරයාගේ කාර්යාලයේදීය.

නඩු කටයුත්තක් විසඳීම සඳහා සැකකරු විසින් අල්ලස් මුදල් ඉල්ලා සිටින බවට වින්දිත පාර්ශ්වය විසින් පසුගිය මාසයේදී අල්ලස් හා දූෂණ කොමිෂන් සභා විමර්ශකයින්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම සිද්ධිය මත අද(18) දිනයේදී අල්ලස් මුදල් ලබා ගැනීමේ චෝදනා මත සැකකරු සහ ඔහුගේ බිරිඳ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.