ගුවන් මගීන් වෙත කටුනායක ගුවන් තොටුපළෙන් කෙරෙන නිවේදනයක්

0
103

NEWSNOW | – කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කාර්යය බහුල දින සහ වේලාවලදී , ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සදහා, පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට ගුවන් තොටුපොළ තීරණය කර ඇති බව අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී .

ඒ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින වල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාළය තුළ කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත අමුත්තන්ට ඇතුළු වීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

පසුගිය දින වල කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාත්‍රී කාළයේ ගුවන් මගීන් සහ ගුවන් තොටුපොළ භාවිතා කරන්නන් අධික තදබදයකට ලක් වීම නිසා අපහසුතා ඇති වී තිබුණි.

ඒ අනුව ගුවන් යානා වැඩි වශයෙන් පිටත්වන බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින වල රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ඇති වන තදබදය අවම කර ගුවන් මගීන් සහ ගුවන් තොටුපොළ භාවිතා කරන්නන් වෙත කාර්යක්ෂම , සුමට සේවාවක් සැපයීම සදහා මෙම තීරණය ගුවන් තොටුපොළ විසින් ගෙන තිබේ.

කටුනායක – ටී.ක් කේ.ජී. කපිල