චෙම්මනි කැණීම් කටයුතු සිදුකරන විශේෂඥයින්ගෙන් අධිකරණයට ඉල්ලීමක්

0
6

NEWSNOW | –  චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදුකෙරෙන කැණීම් කටයුතු අවම වශයෙන් තවත් සති 8ක පමණ කාලයක් සිදුකළ යුතු බවට කැණීම් සම්බන්ධ විශේෂඥයින් ඊයේ (14) අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසයි.

චෙම්මනි කැණීම් සිදු කරන ස්ථානයේ ස්කෑන් වාර්තාව හා කැණීම් කටයුතු පිළිබඳ විමර්ශන වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ඊයේ (14) සිදුකෙරිණි.

එහිදී නීතිඥ සුමන්තිරන් පැවසුවේ, තවත් අවම වශයෙන් සති අටක කාලයක් සමූහ එහි කැණීම් කටයුතු සිදුකළ යුතු බවට කැණීම් කටයුතුවලට සහභාගි වී සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව ය.

සුමන්තිරන් පැවසුවේ, කැණීම් කටයුතු නැවතත් අගෝස්තු 22 වන දා ආරම්භ කිරීමට අධිකරණය නියෝග ලබා දී ඇති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here