රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණයක් – කාදිනල් හිමිපාණන් කියයි

0
104

NEWSNOW | – මේ වන විට රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කරමින් සිටින බවත් ඒ සඳහා විදේශීය සංවිධාන සමග එක්වී පිරිසක් කටයුතු කරමින් සිටින බවත් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පවසයි.

මේ සඳහා ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයින්ද සම්බන්ධ බව උන්වහන්සේ පෙන්වා දෙයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජයෙන් ලබාදුන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට ඊයේ (14) කොළඹදී එක්වෙමින් කාදිනල් හිමයන් මේ බව ප්‍රකාශ කළේය.