පාකිස්ථානයේ 79 වැනි නිදහස් සංවත්සරය ශ්‍රී ලංකාවේදී සමරයි

0
4

NEWSNOW |- පාකිස්තානය ශක්තිමත්, ප්‍රගතිශීලී, සහ ප්‍රජාතන්ත්‍රවාදී ඉස්ලාමීය සුබසාධන රාජ්‍යයක් බවට පත් කිරීමේ තේමාව යටතේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ පාකිස්තාන ප්‍රජාව සමඟ එක්ව පාකිස්ථානයේ 79 වැනි නිදහස් සංවත්සරය සමරනු ලැබීය.

මෙම වසරේ නිදහස් සැමරුම් උත්සවය, ඉන්දියාවේ ආක්‍රමණශීලීත්වයට සහ පකිස්ථානයට එරෙහි පදනම් විරහිත චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් පකිස්ථාන සන්නද්ධ හමුදා විසින් මෙහෙයවන ලද සාර්ථක බුන්යන්-උන්-මර්සූස් මෙහෙයුමෙන් පසුව සිදුවීම විශේෂත්වයකි.

මෙම සාර්ථක මෙහෙයුම අපගේ ජාතික ආරක්ෂාවට අනාගතයේදී එල්ල වන ඕනෑම තර්ජනයකට ඊටත් වඩා ශක්තිමත්, දැඩි සහ තීරණාත්මක ප්‍රතිචාරයක් දක්වන බවට පැහැදිලි සාක්ෂියකි. එය අපගේ සන්නද්ධ හමුදාවන්ගේ සූදානම සහ වෘත්තීයභාවය සහ මාතෘ භූමිය ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කරයි. තවද, කලාපයේ ආයුධයක් ලෙස ජලය භාවිතා කිරීමට කිසි විටෙකත් ඉඩ දෙනු නොලෙබේ, එයට සියලු සංසදවලදී ප්‍රතිචාර ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් මහතා විසින් පාකිස්ථානයේ ජාතික ගීය වාදනය කරන අවස්ථාවේදී පාකිස්ථානයේ ජාතික ධජය ඔසවමින් උත්සවය ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව අමතමින් පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් මහතා මෙම දිනයේ වැදගත්කම පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ද්විපාර්ශ්වික මට්ටමින් අපගේ රාජ්‍ය තාන්ත්‍රික, ආරක්ෂක සහ සංස්කෘතික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගන්නා අතරම, නිදහස් වෙළඳ ගිවිසුමේ රාමුව තුළ වෙළඳාම සහ ද්විපාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධනය කිරීම තුළින් දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කිරීමේ ක්‍රම පිළිබඳව ද අපි ගවේෂණය කරමින් සිටිමු” යයි ඔහු පැවසීය.

මෙම අවස්ථාවට පකිස්ථානයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, පකිස්ථාන ප්‍රජාව, මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් , ප්‍රදේශයේ ප්‍රභූවරුන්, මාධ්‍යවේදීන් සහ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here