සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් කෝටි ගණනක් මුදල් ගත් පොලිස් ලොක්ක දැලේ

0
7

සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු පුද්ගලයන්ගෙන් අල්ලස් ලෙස ලබාගත්තැයි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් රන්ජන් හියාරේ ගමගේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනී.

ඒ අද (14) පෙරවරුවේදීය.

සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව කටයුතු කරමින් සිටි කාලයේදී වෙනත් පුද්ගලයකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් තුනක් විවෘත කර සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිසියට පැමිණ සේවාවක් ලබාගන්නා පුද්ගලයන්ගෙන් සහ අනෙකුත් අපරාධකරුවන්ගෙන් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් අල්ලස්ල ලෙස ලබාගෙන ගිණුම්වල තැන්පත් කර මුදල් විශුද්ධිකරණය කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඔහුට එරෙහිව චෝදනා නගා තිබේ.

සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් නගන මෙම චෝදනාවන්ට පාදක වී ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ලක්ෂාන් ද සොයියා විජේසිංහ නොහොත් “රත්ගම විදුර” නමැත්තාගේ මුදල් පොලිස් ලොක්කන්ගේ ගිණුම්වල යන චෝදනා ගැන විමර්ශනයක් ආරම්භ කිරීමත් සමගය.

රත්ගම විදුර වැඩි කාලයක් තිස්සේ ගත කරන්නේ ඉතාලියේය. ඉතාලියේ සිට මෙරට දකුණේ පාතාලය මෙහෙයවමින් ඔහු කටයුතු කරන බව විමර්ශනවලදී හෙළි වී ඇත.

ඔහු පොලිස් නිලධාරීන්ටද අල්ලස් දී තිබෙන බව පැහැදිලිවම හෙළිවන්නේ යුක්තිය මෙහෙයුම පැවති වකවානුවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here