ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

0
100

NEWSNOW| –  ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු 08.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලබයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ කන්ද හේන, මාපගොල්ල, ලෝංගස්දෙණිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙණිය රණ්පොකුනගම, රණ් පොකුනගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, භග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ලය.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබදව මණ්ඩලය සිය කනගාටුව පළ කර සිටී.