2025 ජාතික මිලාද්-දූන් නබි උත්සවයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ සොයාබැලේ

0
43

NEWSNOW| –  ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් මිලාද්-දූන් නබි උත්සවයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්විය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ වන මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික මිලාද් – දුන් නබි උත්සවය මෙවර 2025 සැප්තැම්බර් මස 5 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝලාන ගම්මානයේ පිහිටි මස්ජිදුල් අරුසියා ජුම්මා දේවස්ථාන පරිශ්‍රයේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ මෙම රැස්වීමට හම්බන්තොට දිස්ත්‍රික් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කම් ඉලියාස් මහතා, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් රාජ්‍ය නිලධාරීන් ඇතුලු ආරක්ෂක අංශ නිලධාරින්ද සහභාගී විය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් ජාතික මිලාද්-දූන් නබි උත්සවය පැවැත්වීමට නියමිත අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝලාන ගම්මානයේ පිහිටි මස්ජිදුල් අරුසියා ජුම්මා දේවස්ථාන පරිශ්‍රයේ නිරීක්ෂණ කටයුතුවලද නිරතවිය.