ගත වූ දින 10 තුළ සංචාරකයින් 77000කට වැඩි පිරිසක් දිවයිනට

0
147

NEWSNOW | – මෙම මාසයේ ගත වූ දින 10 තුළ සංචාරකයින් 77,482ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන්වේ. එම සංඛ්‍යාව 13,511කි.

ඊට අමතරව මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, චීනය සහ ප්‍රංශය යන රටවලින් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත.

මේ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,445,770ක් දක්වා ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.