ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය ගත් තීරණයට ශ්‍රී ලංකා රජය කණගාටු පල කරයි

0
116

NEWSNOW| – ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කර තිබේ.

මෙය ප්‍රචණ්ඩත්වය තවදුරටත් උත්සන්න කර එහි ජනතාවගේ දුක් වේදනා තවත් නරක අතට හැරෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අනතුරු අඟවා තිබේ.

යුද්ධයෙන් විනාශ වූ පලස්තීන භූමියේ හමුදා මෙහෙයුම් පුළුල් කරමින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක්ව ඇති ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් සිකුරාදා ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශය නිකුත් කර තිබේ.

මේ අනුව වහාම සටන් විරාමයක් ඉල්ලා සිටි රජය කල් පවතින සාමයක් අත්කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගන්නා ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.