රට මුහුණදුන් විදේශ විනිමය අර්බුදය හමුවේ රජයට පරිත්‍යාගයක් ලබා දුන් දානපතියන්ද රටේ සිටි බව මතකද?

0
2

NEWSNOW| –  1974 දී අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජය දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 6.65ක් වූ අතර රන් මිල රුපියල් 154ක් විය.

එවන් අර්බුදයකදී මැණික් ව්‍යාපාරයේ ප්‍රමුඛයා වූ ජාමියා නලීමියා කලාපීඩයේ නිර්මාතෘ අල්හාජ් නලීම් (ර.අ.) ලක්‍ෂ 15ක විදේශ මුදල් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කළේය.

එම මුදල අද රත්තරන් වටිනාකම සමඟ සංසන්දනය කළහොත් එය රුපියල් කෝටි 175කට සමාන වන අතර ලංකා ඉතිහාසයේ කිසිදු ව්‍යාපාරිකයෙකු මෙවැනි තිළිණයක් මෙරට රාජ්‍යයට ලබාදී නොමැති බව සැබෑය.

පසුගිය කාලයේ රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයේදී මෙරට ව්‍යාපාරිකයන් හෝ දූෂිත දේශපාලනය නිසා විදේශයන්හි කෝටි ගණන් ධනය රැස්කරගත් අය ශ්‍රී ලංකා රජයට අත දීමට ඉදිරිපත් නොවීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඉහතින් දැක්වෙන්නේ එම පරිත්‍යාගය එවකට අග්‍රාමාත්‍යවරිය වන ශ්‍රීමාවෝ බණ්ඩාරනායක මැතිණියට සිදු කරන අවස්ථාවේදී ගත් ඡායාරූපයක් වන අතර එය ලබාගෙන ඇත්තේ අභාවප්‍රාප්ත නලීම් හාජියාර්ගේ බාල පුත් අල්හාජ් යාකූත් නලීම්ගෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here